අවිස්සාවේල්ලේ ඝාතනවලට සහය දුන් මාධ්‍යවේදියෙකු ඇතුළු 04 ක් අත්අඩංගුවට: රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් අධිකරණයෙන් අවසර

MonaraMonara

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්. ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය.

අවිස්සාවේල්ල - තල්දූව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගැනුණු මාධ්‍යවේදියා මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුගේ වයස අවුරුදු 45 ක්.

ඊට අමතරව හෝමාගම සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචි අනෙක් සැකකරුවන් වයස අවුරුදු 25 ත්, 30 ත් අතර වයස්වල පසුවන්නන්.

ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වන්නේ පසුගිය 20 වැනිදා අවිස්සාවේල්ල - තල්දූව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, තුවාල සිදුකරන ලද වෙඩික්කරුට සැඟව සිටීමට හා පළා යෑමට ආධාර අනුබල ලබාදීමයි.

මාධ්‍යවේදීයා නොවන අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලි ග්‍රෑම් 260 ක් සහ හෙරොයින් ග්‍රෑමි 06 මිලි ග්‍රෑම් 260 ක් සහ ත්‍රී රෝද රථ 02 ක්, යතුරු පැදියක් සහ ජංගම දුරකථන 07 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ රැදී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් මන්න රමේෂ් යන අයගේ මෙහෙයවීම මත අදාළ ඝාතන සිදුකර ඇති බවටයි මූලික විමර්ශනවලදී පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එහිදී සැකකාර මාධ්‍යවේදීයා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත්, අනෙක් සැකකරුවන් තිදෙනා දින 07 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් අධිකරණය විසින් පොලිසියට අවසර ලබාදී ඇති බව සඳහන්.

ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය.ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය.

ඡායාරූපය - පොලිස් විශේෂ කාර්ය බලකාය.