සිනෙත්ගේ නායකත්වයෙන් යොවුන් ක්‍රිකට් කණ්ඩායම අද පාකිස්ථානයට: තරගාවලියට සිව්දින තරගයක් සහ එක්දින තරග 05ක්
කොළඹ රාජකීය විදුහලේ සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (12දා) පාකිස්ථානය බලා පිටත්ව ගියා.
ලබන වසරේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගාවලියට සිවුදින තරගයක් සහ එක්දින තරග 05ක් ඇතුළත්ය.
සිනෙත්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත්වන අතර, උපනායකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලේ මල්ෂ තරුපති කටයුතු කරනවා.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගාවලියට එක්ව සිටි ක්‍රීඩකයන් 14 දෙනකුම මේ සංචිතයට ඇතුළත්වන අතර, නවක ක්‍රීඩකයන් ලෙස කුරුණෑගල සාන්ත ආනා විදුහලේ ගීතික ද සිල්වා සහ මහනුවර ත්‍රිත්ව විදුහෙල් මනුල කුලරත්න එක්ව සිටිනවා.
ඒ වෙනුවට ත්‍රිත්ව විදුහලේම තරණ විමලධර්මට සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ පැතුම් මලිතට ස්ථාන අහිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා–පාකිස්ථාන සිවුදින තරගය මෙම මස 15-18දා දක්වා පැවැත්වෙන අතර, එක්දින තරග 05 මෙම මස 22, 24, 27, 29 සහ 31 යන දිනවලදී පැවැත්වෙනවා.
මෙම සියලු තරග කරචිචි ජාතික බැංකු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නොවැම්බර් මස 01 දා යළි මෙරටට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකා යොවුන් සංචිතය
සිනෙත් ජයවර්ධන (නායක – කොළඹ රාජකීය), මල්ෂ තරුපති (උපනායක – ගාල්ල රිච්මන්ඩ්), පුලිඳු පෙරේරා (මහනුවර ධර්මරාජ), විශේන් හැලඹගේ (කොළඹ සා. පීතර), රවිෂාන් නෙත්සර (අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න), සාරුජන් ෂන්මුගනාදන් (කොටහේන සා. බෙනඩික්ට්), දිනුර කළුපහන (ගාල්ල මහින්ද), විහාස් තෙව්මික (තර්ස්ටන්), විශ්ව ළහිරු (පානදුර ශ්‍රී සුමංගල), ගරුක සංකේත (වත්තල ලයිසියම්), රුවිෂාන් පෙරේරා (කොළඹ ආනන්ද), කවීෂ පියුමාල් (මහනුවර සා. අන්තෝනි), හිරාන් ජයසුන්දර (කොළඹ සා. ජෝසප්), ගීතික ද සිල්වා (කුරුණෑගල සා. ආනා), රුසඳ ගමගේ (කොළඹ සා. පීතර), මනුල කුලරත්න (මහනුවර ත්‍රිත්ව).
අතිරේක – සුපුන් වඩුගේ (මහනුවර ත්‍රිත්ව), දිනුරු අබේවික්‍රමසිංහ (මාතර සා. සර්වේශස්), ජනිත් ප්‍රනාන්දු (වෙන්නප්පුව සා. ජෝසප් වාස්), දිනුක තෙන්නකෝන් (මහනුවර ත්‍රිත්ව), රනුක මලවිආරච්චි (කොළඹ රාජකීය), විශ්ව රාජපක්ෂ (වෙන්නප්පුව සා. ජෝසප් වාස්).