ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියා - නෙදර්ලන්ත ගැටුම අද: ට්‍රැවිස් හෙඩ් අද පිටියට

MonaraMonara

ඡායාරූපය - Getty Images

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24 වන තරගය අද ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර අරුන් ජෙට්ලී ක්‍රීඩාංගනයේදීයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේදී ලෝක කුසලානයේ මීට පෙර තරගවලට ක්‍රීඩා නොකළ ට්‍රැවිස් හෙඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

අද දිනයේදී තරගයට ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාසය පළ කෙරෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම වනු ඇත්තේ. David Warner, Travis Head, Mitchell Marsh, Steven Smith, Josh Inglis (wk), Glenn Maxwell, Marcus Stoinis, Pat Cummins (capt), Mitchell Starc, Josh Hazlewood, Adam Zampa.

කෙසේ වෙතත්, අද තරගයට නෙදර්ලන්ත කණ්ඩායමේ වෙනසක් සිදු නොවනු ඇති බවට වාර්තා වන අතර, ශ්‍රී ලංකාව සමග තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයටද එක්වනු ඇති.

Vikramjit Singh, Max O'Dowd, Colin Ackermann, Bas de Leede, Teja Nidamanuru, Scott Edwards (capt & wk), Sybrand Engelbrecht, Roelof van der Merwe, Logan van Beek, Aryan Dutt, Paul van Meekeren අද දිනයේදී නෙදර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.