Shreyas Iyer ට හොඳටම හොඳයි !: එළඹෙන ආසියානු කුසලානයට ඔහු සීරුවෙන්

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය -www.espncricinfo.com

ඉන්දියානු මුල් පෙළ පිතිකරුවෙකු වන Shreyas Iyer මේ වනවිට ඔහුට හටගෙන තිබූ දරුණු පිට කොන්දේ ආබාධයෙන් සුවය ලබමින් සිටිනවා.

අයියර් ප්‍රකාශ කර ඇත්තේ, තමන් පසුගිය කාල වකවානුව පුරාවට ම වින්දේ දරුණු වේදනාවක් බවයි.

මේ වනවිට අයියර්ව එළඹෙන ආසියානු කුසලානය සඳහා ද ඉන්දීය සංචිතයට නම්කර තිබෙනවා.

ආසියානු කුසලානයට එක්වීමට පෙර මේ දිනවල බැංග්ලෝරයෙහි දින 06ක පුහුණු කඳවුරක් පැවැත්වෙන අතර, ඊට Shreyas Iyer ද සහභාගී ව සිටින අතර එහිදියි ඔහු සිය ආබාධ තත්ත්වයේ නවතම පසුබිම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කළේ.

අයියර් පවසා ඇත්තේ, තමන්ගේ පිටකොන්දේ ආබාධය මානසික වශයෙන් දරුණු භීතිකාවක් ඇති කළ බවත්, එය මෙතරම් ඉක්මනින් සුව අතට පත් වේ යැයි තමන් කිසිදිනෙක නොසිතූ බවයි.

Shreyas Iyerගේ ආබාධය උත්සන්න වූයේ පසුගිය මාර්තු මාසයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති සිව්වැනි ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේදියි.

ක්‍රීඩා කිරීමට ඇති උනන්දුව හේතුවෙන් විවිධ අවස්ථාවල දී පැන නගින ආබාධ තත්ත්වයට විවිධ එන්නත් ලබා ගැනුණ ද, තත්ත්වය උත්සන්න වූ වහාම ශල්‍යකර්මයක් සඳහා යා යුතු බවට තමන් විශ්වාස කළ බවත්, එය ඉටු කර බවත් ඉදිරියේ දී ඇති සියලු තරග ක්‍රීඩා කරන බවත් අයියර් BCCI වෙබ් අඩවියට වැඩිදුරටත් කියා සිටිනවා.

ඔහු ඒ බව කියා ඇත්තේ මෙසේයි..

"I had this issue for a while, but I was taking injections and going through various routes to see to it that I am steady and playing many more matches..'' යනුවෙන්.

අයියර් අප්‍රේල් මාසයේ දී ලන්ඩන් හි පිහිටි ඉහළ පෙළේ රෝහලකින් ශල්‍යකර්මයකට භාජනය වී සති තුනක කාලයක් නැවතී සිට ප්‍රතිකාර ලැබුවා.

ඉන් අනතුරුවයි ඔහු යළිත් මාස තුනක පුනරුත්ථාපන කාලයක් සඳහා බැංගලෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියට (NCA) ඇතුළු වූයේ.

එම ක්‍රියාවලිය අවසන් වූයේ පසුගිය සතියේ NCA හි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා වන Nitin Patel විසින් Iyer හට පුහුණු තරග සඳහා අවසර හිමිකර දුන්නා.