මැක්ස්වෙල් වෙනුවට වේඩ් කණ්ඩායමට: ප්‍රැක්ටිස් අස්සෙ ආබාධයකට ලක් වෙලා

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය -www.espncricinfo.com

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් වේඩ් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලියට කැඳවා තිබෙනවා.

වේඩ්ව කැඳවා ඇත්තේ ග්ලේන් මැක්ස්වෙල් ආබාධයකට ලක් වීම හේතුවෙන්.

අගෝස්තු 30 වැනි දින ඩර්බන් හි දී ඇරඹීමට නියමිත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහායි මෙලෙස වේඩ් ව කැඳවා ඇත්තේ.

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ මැක්ස්වෙල් මේ දිනවල ඩර්බන්හි පැවැත්වෙන පළමු පුහුණු ක්‍රිකට් සැසියේ දී වළලුකර ආබාධයකට ලක්ව ඇති බවයි.

එය සුළු ආබාධයක් බවත්, පළමු 20-20 තරගය අහිමි වුවත් ඉදිරි තරග සඳහා මැක්ස්වෙල්ට පැමිණීමේ හැකියාවක් පවතින බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් මැක්ස්වෙල් T20 සංචාරයෙන් ඉවත් වීමට නියමිතව සිටි බවත්, ඊට හේතුව ඔහුගේ බිරිඳට සිය පළමු දරුවා ලැබීම බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඔස්ට්‍රේලියානු තේරීම් කමිටු සාමාජික ටෝනි ඩොඩමේඩ් කියා සිටියේ ඕනෑම විටෙක මැක්ස්වෙල් යළි නිවෙස බලා යාමට නියමිතව තිබූ බැවින් අවදානමක් නොගෙන ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට තමන් කටයුතු කරන බවයි.