Jos Buttler ගෙන් අතිශය වේගවත් පිතිහරඹයක්: පන්දු 100ක දී වේගවත් ලකුණු 201ක් !

MonaraMonara

Jos Buttler සහ Phil Salt ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

The Hundred Men's Competition තරගාවලියේ දී Southern Brave කණ්ඩායම පන්දු 100ක් තුළ දී ලබාගත් ලකුණු 196ට පිළිතුරු සාර්ථකව දෙන්නට Jos Buttler ප්‍රමුඛ Manchester Originals කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දු 100ක් අවසාන වීමටත් පෙර, එනම් තවත් පන්දු 04ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යන්නටයි.

තරගයේ කාසියේ වාසිය දිනූ Manchester Originals කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව සදර්න් බ්‍රේව් කණ්ඩායම සිය පන්දු 100 අවසානයේ දී දැවැන්ත ලකුණු 196ක් ලබාගත්තේ එක් කඩුල්ලක් පමණක් දැවී.

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.comඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

ජයග්‍රහණයට ලකුණු 197ක් හඹා ගිය මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම සිය ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු 03ක් පමණක් දැවී දැවැන්ත ලකුණු 201ක් ලබාගෙනයි.

එහිදී වාර්තා පිට වාර්තා තබමින් Jos Buttler විසින් පන්දු 46ක දී ලකුණු 82ක් රැස් කරගත්තා.

ඔහුගේ හැඩකාර ලකුණු 82ට එක් වූ හයේ පහර ගණන 04ක්.

හතරේ පහර 06ක් ද ඊට සහාය සැපයූවා.

බට්ලර්ට අනෙක් පස හිඳ සහාය දුන් Phil Salt ලකුණු 47ක් ලබා ගත්තා.

අවසන් පූර්ව වටයේ මෙම තරගය ද ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර, මෙවන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් සීමිත පන්දු ගණනක දී හඹා ගොස් ජයග්‍රහණය කිරීම ද සිදුව ඇත්තේ පළමු වරටයි.

තරගයේ වීරයා සම්මානය හිමි වූයේ බට්ලර් හටයි.