2025 FIFA Club පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය අමෙරිකාවට (PHOTO): 2026 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය උතුරු අමෙරිකාවට

MonaraMonara

FIFA

Colombo (Monara) June 24 - 2025 වසරේදී පැවැත්වීමට සැලසුම් කර ඇති FIFA පාපන්දු සමාජ ලෝක කුසලානයේ සත්කාරකත්වය ඒකමතිකව ලබා දෙන්නට ජගත් පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ වීඩියෝ තාක්ෂණය මඟින් පැවති සාකච්චාවකදී

FIFAFIFA

වීඩියෝ තාක්ෂණය මඟින් පැවති සාකච්චාව FIFA

එහිදී අමෙරිකාවට සත්කාරකත්වය ලබා දීමේ තේරීම් ක්‍රියාවලියේදී එරට යටිතල පහසුකම් සහ සේවා අවශ්‍යතා සැලකිල්ලට ගත් බවයි ජගත් පාපන්දු සම්මේලනය සඳහන් කර සිටියේ.

තරගාවලිය සඳහා කණ්ඩායම 32ක් සහභාගී වීමට නියමිතයි.

මේ අතර 2026 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය උතුරු අමෙරිකාවට හිමි වී තිබෙනවා.

තරගාවලියේ සත්කාරකත්වයට කැනඩාවත් හිමිකම් කියන අතර ක්‍රීඩාංගණ 16කදී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

FIFAFIFA

FIFA

FIFAFIFA

FIFA