මැක්ස්වෙල්ට අකරතැබ්බයක්: ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් වහාම විමර්ශනයක්

MonaraMonara

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මත්පැන් සම්බන්ධ සිද්ධියකට අදාළව වහාම රෝහල්ගත කර තිබෙනවා.

මැක්ස්වෙල්ව ඔස්ට්‍රේලියාවේ ඇඩිලෙඩ්හි රෝහලක් වෙත මෙලෙස ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේවනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මැක්ස්වෙල්ව රෝහල්ගත කිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවන අතර පසුගිය 19 වැනිදා ඔහු සිහිසුන්ව ඇදවැටීමෙන් පසු ගිලන් රථයක් ගෙන්වා වහාම රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සිදුවූ දින මැක්ස්වෙල් එරට ජනප්‍රිය ප්‍රසංගයකට සහභගිව ඇතැයි වාර්තා වන අතර එහිදි මෙම සිදුවීම සිදුව ඇති බව හෙළිවනවා.

ඒ අතරතුර මැක්ස්වෙල් මත්පැන් පානය කර සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබීම නිසා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.