ඇෆ්ගන් නායකයාට කාසියේ වාසිය: පළමුව පිත්ත තෝරා ගනී

MonaraMonara

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේත්, ඇෆ්ගනිස්ථානය හයවන ස්ථානයේත් පසුවනවා.