LPL වෙන්දේසියේදී වැඩිම ලංසුවක් හිමි වූ දස දෙනා: ක්‍රීඩකයින් 360 දෙනෙකු වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටි අතර, එහිදී මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් සිය සංචිත සඳහා ක්‍රීඩකයින් මිලදී ගනු ලැබුවා.

MonaraMonara

ඡායාරූපය - mykhel.com

Colombo (Monara) June 15 – ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී විදෙස් ක්‍රීඩකයින් රැසක් සිය සංචිතයන්ට ඇතුළත් කර ගැනීමට ඊට එක්වන කණ්ඩායම් කටයුතු කළා.

ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුණේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදීයි.

ක්‍රීඩකයින් 360 දෙනෙකු වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටි අතර, එහිදී මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් සිය සංචිත සඳහා ක්‍රීඩකයින් මිලදී ගනු ලැබුවා.

ඒ අනුව වැඩිම ක්‍රීඩකයින් පිරිසක් එනම් ක්‍රීඩකයින් 24 දෙනෙකු බැගින් සිය සංචිතයට ඇතුළත් කර ගැනීමට COLOMBO STRIKERS, GALLE TITANS සහ DAMBULLA AURA කණ්ඩායම් කටයුතු කළා.

ක්‍රීඩකයින් 22 B LOVE KANDY කණ්ඩායම සංචිතයට එක් කරගෙන ඇති අතර, JAFFNA KINGS කණ්ඩායම ක්‍රීඩකයින් 21 දෙනෙකු සිය සංචිතය සඳහා මේ වනවිට තෝරාගෙන අවසන්.

මේ වනවිට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ඊට එක්වන කණ්ඩායම් තෝරාගෙන ඇති විදෙස් ක්‍රීඩකයින් වන්නේ,

JAFFNA KINGS

වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් – ඩේවිඩ් මිලර්, රහ්මනුල්ලාහ් ගුර්බාස්

වෙන්දේසියේ දී මිලදී ගත් ක්‍රීඩකයින් – ෂොයිබ් මලික් ($50,000), හර්ඩස් විල්ජොයින් ($30,000), සමාන් ඛාන් ($20,000), ක්‍රිස් ලින් ($50,000)

DAMBULLA AURA

වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් – මැතිව් වේඩ්, ලුන්ගි එන්ගිඩී

වෙන්දේසියේ දී මිලදී ගත් ක්‍රීඩකයින් – හෙයිඩ්න් කෙර් ($20,000), නූර් අහ්මඩ් ($50,000), ශහ්නවාස් දහානි ($20,000), ඇලෙක්ස් රෝස් ($20,000)

COLOMBO STRIKERS

වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් – බාබර් අසාම්, නසීම් ශාහ්

වෙන්දේසියේ දී මිලදී ගත් ක්‍රීඩකයින් – වහබ් රියාස් ($40,000), ඉෆ්ටිකාර් අහ්මඩ් ($50,000), ලෝකන් ටකර් ($10,000), මොහමඩ් නවාස් $30,000

B LOVE KANDY

වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් – මුජීබ් උර් රහ්මාන්, ෆකාර් සමාන්

වෙන්දේසියේ දී මිලදී ගත් ක්‍රීඩකයින් - මොහමඩ් හස්නයින් ($34,000), මොහමඩ් හැරිස් ($20,000), අසිෆ් අලී ($30,000), ආමර් ජමාල් ($10,000)

GALLE TITANS

වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් – ශකිබ් අල් හසාන්, ටබ්රයිස් ශම්සි

වෙන්දේසියේ දී මිලදී ගත් ක්‍රීඩකයින් – බෙන් කටින් ($30,000), මොහමඩ් මිතුන්($20,000), චැඩ් බොවුස් ($58,000), ටිම් සෙයිෆර්ට් ($30,000)

මේ අතර, ඊයේ පැවති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම ලංසුවක් හිමි වූ ක්‍රීඩකයින් වන්නේ,

  1. ඩිල්ෂාන් මදුෂංක (JAFFNA KINGS) – අමෙරිකානු ඩොලර් 92,000

  2. චරිත් අසලංක (JAFFNA KINGS) – අමෙරිකානු ඩොලර් 80,000

  3. ධනංජය ද සිල්වා (DAMBULLA AURA) – අමෙරිකානු ඩොලර් 76,000

  4. බිනුර ප්‍රනාන්දු (DAMBULLA AURA) – අමෙරිකානු ඩොලර් 76,000

  5. දිනේෂ් චන්දිමාල් (B LOVE KANDY) – අමෙරිකානු ඩොලර් 72,000

  6. දුෂ්මන්ත චමීර (B LOVE KANDY) – අමෙරිකානු ඩොලර් 70,000

  7. සධීර සමරවික්‍රම (DAMBULLA AURA) – අමෙරිකානු ඩොලර් 68,000

  8. කමිදු මෙන්ඩිස් (B LOVE KANDY) – අමෙරිකානු ඩොලර් 60,000

  9. චැඩ් බෝවිස් (GALLE TITANS) – අමෙරිකානු ඩොලර් 58,000

  10. දුනිත් වෙල්ලාලගේ (JAFFNA KINGS) – අමෙරිකානු ඩොලර් 56,000