ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වල අවසන් දවස අද: ශ්‍රී ලංකාව තාමත් අටවැනි තැන

MonaraMonara

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව්වල අවසන් දවස ලෙස අද (05) දිනය ක්‍රියාත්මක වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙතෙක් සහභාගි වූ මලල ක්‍රීඩාවලින් එක් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන තිබෙනවා.

ඒ අනුව මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකා කණ්ඩායම අට වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මේ අතර මේ දක්වා පවත්වා ඇති සමස්ත මලල ක්‍රීඩා තරග ප්‍රතිපල අනුව පළමු ස්ථානයේ රන් පදක්කම් 19ක් දිනාගනිමින් චීනය පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

රන් පදක්කම් දහයක් ලබා ගත් බහරේනය එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර රන් පදක්කම් හයක් දිනා ගත් ඉන්දියාව මලල ක්‍රීඩා අංශයේ තෙවැනි ස්ථානය දිනාගෙන සිටිනවා.