ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය අත්හිටුවයි: ක්‍රීඩා ඇමතිගෙන් ගැසට්ටුවක්

MonaraMonara

ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ක්‍රීඩා අමාත්‍යවරයාට 1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව එම සංගම් සහ සම්මේලන තාවකාලිකව අත් හිටුවා ඇති අතර නිලවරණ පැවැත්වීම සහ පරිපාලන කටයුතු කිරීම සඳහා ඉකුත් 21 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවරා ඇති බව අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අකාරයෙන් තාවකාලිකව අත්හිටුවන ලද ක්‍රීඩා සංගම් සහ සම්මේලන නම්,

  • ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය

  • ශ්‍රී ලංකා කබඩි සම්මේලනය

  • ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය

  • ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය

  • ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය

යන ඒවායි.