ක්‍රිකට් අතුරු කමිටුවට ජනපතිගේ අප්‍රසාදය: කැබිනට් මණ්ඩලයේ දී ප්‍රශ්න කිරීමේ සූදානමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවත් පත් කිරීම සම්බන්ධයෙන් රජයේ හෝ තමන් කිසිවක් නොදැනුවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මැතිඇමතිවරුන් සමඟ මේ බව ප්‍රකාශ කර ඇති බවටයි, රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අද (06) ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කළා.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙනවා.
ඊට පිළිතුරු ලබා දෙමිනුයි, රනිල් වික්‍රමසිංහ මහතා මෙය ප්‍රකාශ කර ඇත්තේ.
ක්‍රිකට් අතුරු කමිටුවට පත් කර ඇති සාමාජිකයන් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා අනුමැතියක් ගෙන නොමැති බව ද වාර්තා වනවා.
මේ අතර අදාළ අතුරු කමිටුව සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයේ දී ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ක්‍රිකට් වැනි ආයතනයකට අතුරු කිමිටුවක් පත් කිරීමේදි සාමන්‍යයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කළ යුතුයි.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අදාළ ක්‍රියාව සිදු කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.