දෙතොලක් Permission නැතිව කිස් කළ වරද: "Inappropriate and Unacceptable" - ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කියයි
FIFA කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් විසින් පසුගියදා ජය ගැනීමෙන් පසුව රාජකීය ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ (RFEF) සභාපති Luis Rubiales ක්‍රීඩිකාවකගේ දෙතොල් අනවසරයෙන් සිප ගැනීම සම්පූර්ණයෙන් ම නුසුදුසු ක්‍රියාවක් බවට එරට පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Jorge Vilda පවසනවා.
ජෝර්ජ් විල්ඩා විසින් ලුයිස්ගේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරනු ලැබ ඇති අතර; ඔහු එය පවසා ඇත්තේ; "Inappropriate and Unacceptable.." යනුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තම කණ්ඩායමේ ක්‍රීඩිකා ජෙනිෆර් හර්මෝසෝව බලහත්කාරයෙන් මෙන් ම ඇයගේ අවසරයකින් තොරව ලුයිස් විසින් සිදු කරන ලද ක්‍රියාව කිසිලෙසකින් ම පිළිගත හෝ සාධාරණීකරණය කළ හැක්කක් නොවන බවයි.
ඊයේ දිනයේ දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති Luis Rubialesගේ වැඩ තහනමකට ලක් කරනු ලැබූ අතර, එහි තහනම මූලික අදියරේ බලාත්මක වන්නේ දින 90කටත් බවත් වාර්තා වුණා.
පසුගිය සිකුරාදා දිනයේ දී ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය ලුයිස්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ සාකච්ඡාවක් කැඳවූ අතර, එහිදී එහි සාමාජිකයින් ඉල්ලා සිටියේ ලුයිස් සිය ධුරයෙන් ඉවත් වීම වඩාත් සුදුසු බවයි.
සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම සුදුසු බවට ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ බොහෝ පක්ෂ විපක්ෂ නායකයින් අනුමත කළ අතර, ඊට එරට අග්‍රාමාත්‍යවරයාගේ ද එකඟත්වය හිමිවුණා.
එහෙත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති Luis Rubiales පැවසුවේ තමන් මෙම සටන කිසිලෙසකින් නොනවත්වන බවත්, කිසිම විටෙක සභාපති ධුරයෙන් ඉල්ලා අස්නොවන බවයි.
මෙවන් පසුබිමකදීයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ඊයේ දිනයේ දී ලුයිස්ගේ සභාපති ධුරයේ සියලුම වැඩකටයුතු නවතාලමින් වාරණයක් නිකුත් කරනු ලැබුවේ.
එමෙන්ම මේ වනවිට සිය කණ්ඩායමේ ක්‍රීඩිකාවට සිදු වූ සිදුවීම හේතුවෙන් ස්පාඤ්ඤ කාන්තා පාපන්දු පුහුණු කාර්ය මණ්ඩලය ම සේවයෙන් ඉල්ලා අස් ව වර්ජනයක් ද සිදු කරනවා.