ICC ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ සංචාරය අරඹයි: කොළඹ ස්ථාන 02කදී ප්‍රදර්ශනය කෙරේ

MonaraMonara

Photo : වසන්ත නිරෝෂන් (කොළඹ)

ICC එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ සංචාරය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ස්ථාන 02කදී ප්‍රේක්ෂක ප්‍රදර්ශනය සඳහා ලෝක කුසලානය ගෙනවිත් ඇත.

පළමුව මහජන ප්‍රදර්ශනය සඳහා ලෝක කුසලානය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට රැගෙන එනු ලැබුවා.

අද (14දා) පෙරවරුවේ ලෝක කුසලානය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන් මෙන්ම බොහෝ පිරිසක් එක්ව සිටියා.

කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ව්‍යාපාරික මධ්‍යස්ථානය වන කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා අද දිනයේ ප්‍රදර්ශනය කෙරෙන අතර පස්වරු 3.00 සිට රාත්‍රී 8 දක්වා One Galle Face Mall හිදී මහජනතාවට කුසලානය නැරඹීමේ අවස්ථාව හිමිවනවා..

ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අවසන් වූ පසු, ලෝක කුසලානය සත්කාරක ඉන්දියාව වෙත ළඟා වනු ඇත.