ටෙම්බා යළි පිටියට - කාසියේ වාසිය බාබර්ට: පාකිස්තාන සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල අද වෙනසක්

MonaraMonara

ඡායාරූපය - Getty Images

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමටයි ඔහු තීරණය කළේ.

තරගය පැවැත්වෙන්නේ චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනයේදීයි.

ලෝක කුසලානයේ තරග පහකට ක්‍රීඩා කර ඉන් හතරක් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කර ඇති අතර, පාකිස්තානය මුහුණදුන් තරග පහෙන් ජයගෙන ඇත්තේ තරග ‌දෙකක් පමණයි.

ප්‍රසාද ලකුණු සටහනේ 02 වන ස්ථානයේ දකුණු අප්‍රිකාවත්, 06 වන ස්ථානයේ පාකිස්තානයත් මේ වනවිට පසුවනවා.

පසුගිය තරග දෙක සඳහා ක්‍රීඩා නොකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිත්‍ය නායක ‌ටෙම්බා බවුමා අද තරගයට ක්‍රීඩා කරන අතර, ඊට අමතරව ටබ්රේස් ෂම්සි සහ ලුන්ගි න්ගිඩිද කණ්ඩායමට එක්කර තිබෙනවා.

එසේම, උණ රෝගය වැළඳීම හේතුවෙන් පාකිස්තානයේ හසන් අලී අද තරගයට ක්‍රීඩා නොකරන අතර, ඒ වෙනුවට මොහොමඩ් වසීම් කණ්ඩායමට එක්කර තිබෙනවා.

ඊට අමතරව උසාමා මිර් වෙනුවට මොහොමඩ් නවාස් කණ්ඩායමට එක් කිරීමටයි පාකිස්තානය කටයුතු කර ඇත්තේ.