ලෝක ශූරතා යොවුන් දුනු විදීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්: කොළඹ ආනන්ද විද්‍යාලයේ තිසල් දින්සර සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ලකිඳු ගුණරත්න සුදුසුකම් ලබා ගනී.

MonaraMonara

Colombo (Monara) June 29 - අයර්ලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා යොවුන් දුනු විදීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා.

එම ක්‍රීඩකයින් වන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තිසල් දින්සර සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ලකිඳු ගුණරත්නයි.

ලෝක ශූරතා යොවුන් දුනු විදීමේ තරගාවලිය එළඹෙන ජූලි මස පළමුවැනිදා සිට නවවැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් තිබෙනවා.