කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන්න තීරණය කරයි: තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

MonaraMonara

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන්න තීරණය කරයි ICC

Colombo (Monara) June 30 | ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව දසුන් ශානක හට හිමිව ඇති අතර නෙදර්ලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, ස්කොට් එඩ්වර්ඩ් විසින්.

මීට පෙර තරගයට ක්‍රීඩා කළ කසුන් රාජිත වෙනුවට දිල්ෂාන් මධුසංඛ කණ්ඩායමට කැඳවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව කටයුතු කර ඇත්තේ.

ආබාධයකට ලක් ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙම තරගාවලිය අහිමි වනු ඇති බව ද එම කමිටුව නිවේදනය කළා.

මේ අතර නෙදර්ලන්ත කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

Ryan Klein සහ Shariz Ahmed ක්‍රීඩකයින් කණ්ඩායමට කැඳවා ඇත්තේ, Vivian Kingma සහ Clayton Floyd වෙනුවෙන්.

මෙම තරගාවලියේ සුපිරි හය දෙනාගේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 06 ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයේ සිම්බාබ්වේ කණ්ඩායම පසුවනවා.

ප්‍රසාද ලකුණු හතරක් සමඟ එහි දෙවන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.