WADA සමුළුව සඳහා ආසියා ශාන්තිකර කලාපයේ ක්‍රීඩා ඇමතිවරුන් එළඹෙන සතියේ මෙරටට: 18 වැනි ආසියා ශාන්තිකර කලාපීය ක්‍රීඩාවේ තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ අන්තර් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සාසාකච්ඡාව එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාවේදී

MonaraMonara

Colombo (Monara) June 08 - 18 වැනි ආසියා ශාන්තිකර කලාපීය ක්‍රීඩාවේ තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ අන්තර් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සාකච්ඡාව එළඹෙන සතියේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන 12 සහ 13 යන දෙදිනයන්හි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ සංගමයේ සභාපති මහාචාර්ය අර්ජුණ ද සිල්වා මහතා පවසා සිටියේ.

චීනය, පාකිස්ථානය ඇතුළු රටවල් 9ක ක්‍රීඩා අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිත අතර මේ සඳහා ලෝක තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ සංගමයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ද සහභාගී වීමට නියමිතයි.