ක්‍රිකට් ලෝක කුසලාන මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහන: ඉන්දියාව අපරාජිතව පෙරමුණේ
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 45ක් හෙවත් මූලික වටය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගැනීමට සත්කාරක ඉන්දියාව සමත්ව සිටිනවා.
ඔවුන් තරග 09කට ක්‍රීඩා කර එම තරග නවයම ජයගෙන ප්‍රසාද ලකුණු 18ක් ලබා සිටිනුයේ අපරාජිතවයි.
තරගාවලියේ මෙතෙක් එකම අපරාජිත කණ්ඩායම වන්නේද ඉන්දීය කණ්ඩායමයි.
එහි දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාව හිමිව ඇත්තේ තරග 09කට ක්‍රීඩා කර ජයග්‍රහණ 07ක් සමගින් ප්‍රසාද ලකුණු 14ක් ලබමිනි.
තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවටත් (තරග 09කට ක්‍රීඩා කර ජයග්‍රහණ 07ක් සමගින් ප්‍රසාද ලකුණු 14), සිව්වැනි ස්ථානය නවසීලන්තයටත් (තරග 09කට ක්‍රීඩා කර ජයග්‍රහණ 05ක් සමගින් ප්‍රසාද ලකුණු 10) හිමිව තිබෙනවා.
පස්වැනි ස්ථානය පාකිස්ථානයටත් (තරග 09කට ක්‍රීඩා කර ජයග්‍රහණ 04ක් සමගින් ප්‍රසාද ලකුණු 08) 06 වැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයටත් (තරග 09කට ක්‍රීඩා කර ජයග්‍රහණ 04ක් සමගින් ප්‍රසාද ලකුණු 08) හිමිව ඇත.
07 වැනි ස්ථානය ලෝක ශූර එංගලන්තයට (තරග 09කට ක්‍රීඩා කර ජයග්‍රහණ 03ක් සමගින් ප්‍රසාද ලකුණු 06) හිමිව ඇති අතර, 08 වැනි ස්ථානය බංග්ලාදේශයටත් (තරග 09කට ක්‍රීඩා කර ජයග්‍රහණ 02ක් සමගින් ප්‍රසාද ලකුණු 04) 09 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට (තරග 09කට ක්‍රීඩා කර ජයග්‍රහණ 02ක් සමගින් ප්‍රසාද ලකුණු 04) හිමිව තිබෙනවා.
ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි සහ අවසන් ස්ථානය නෙදර්ලන්තයට (තරග 09කට ක්‍රීඩා කර ජයග්‍රහණ 02ක් සමගින් ප්‍රසාද ලකුණු 04) හිමිව ඇත.