සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුරට: මහේලගේ භූමිකාව අවසන් වන ලකුණු

MonaraMonara

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක ලෙස හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

උපදේශක තනතුර වෙනුවෙන් ජයසූරිය මහතාට රුපියල් ලක්ෂ 50 කට අධික වැටුපක් ගෙවීමට නියමිත බවද ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය මහතා අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙනවා.

ජයසූරියගේ භූමිකාවට උපායමාර්ග සැලසුම් කිරීම, තාක්ෂණික අංශ මෙන්ම පුහුණුව, පුහුණු කිරීම සහ ජාතික කණ්ඩායමේ සමස්ත සංවර්ධනය පිළිබඳ ඔහුගේ අවබෝධය ලබා දීම ඇතුළත් වනවා.

කෙසේ වෙතත් මෙම යෝජනාවට විධායක කමිටු සාමාජිකයින් තවමත් අනුමැතිය ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව සනත්ගේ පත්වීම තහවුරු වුවහොත් ඉදිරියේදී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී ඊට අදාළ අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

මේ අතර, මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධනගේ උපදේශක භූමිකාව අවසන් වනු ඇතැයි වාර්තා වනවා.