ලයිසන් නැතිව පදවපු පාකිස්තාන ක්‍රිකට් නායක බාබර්ට දඩ: අධිවේගයේ මංතීරු නීතිත් කඩකරලා
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව අධිවේගී මාර්ගයක මෝටර් රථය ධාවනය කරවීම හේතුවෙන් පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම්ට දඩ මුදලක් පැනවීමට ලාහෝර් පොලීසිය කටයුතු කර තිබෙනවා.
මංතීරු නීති කඩ කරමින් ධාවනය කළ මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී ඔහු සතුව වලංගු රියදුරු බලපත්‍රයක්ද නොතිබූ බවද අනාවරණ කරගෙන ඇති බව සඳහන්.
ඒ, අනුව බාබර් අසාම්ට රුපියල් දෙදහසක මුදලක් දඩ වශයෙන් නියම කිරීමටයි පියවර ගෙන ඇත්‌තේ.
පසුගිය 17 වැනිදායා ලාහෝර්හි ගුල්බර්ග් ප්‍රදේශයේදී රථවාහන පොලිස් නිලධාරීන් විසින් ඔහුට මෙලෙස දඩ මුදලක් පනවා ඇත්තේ.