Novak Djokovic ලැබූ තියුණු ජය ගී ගයමින් සමරයි: ''Not easy but you have to fight'' - ජෙකොවික්ගෙන් ප්‍රකාශයක්

MonaraMonara

Novak Djokovic ඡායාරූප සහ මූලාශ්‍රය -CNN

එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ලෝක ටෙනිස් ශූර සර්බියාවේ Novak Djokovic සමත් ව තිබෙනවා.

ඒ සිය ප්‍රතිවාදී අමෙරිකානු ටෙනිස් ශූරයා වන Taylor Fritz ව තියුණු තරග වටයකින් පරාජයට පත් කරමින්.

මෙම තරගය ඊයේ දිනයේ දී පැවැත්වුණු අතර, නොවැක් හමුවේ පරාජයට පත් වූයේ අමෙරිකානු ටෙනිස් ශූරයෙකු වන Taylor Fritz.

නොවැක් ටේලර් පරදවා ලැබූ තියුණු ජයත් සමග හෙතෙම මෙවර එක්සත් ජනපද විවෘත පිරිමි ටෙනිස් අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබා ගත්තා.

ලෝක ශූරයා ඉදිරියේ දී අමෙරිකානු ශූරයා පරාජයට පත් වන්නේ තරග වටවල දී ලකුණු 6-1ක්, 6-4ක් සහ 6-4ක් ලෙසයි.

ඡායාරූප සහ මූලාශ්‍රය -CNNඡායාරූප සහ මූලාශ්‍රය -CNN

ඡායාරූප සහ මූලාශ්‍රය -CNN

මෙම ජයග්‍රහණයෙන් පසුව නොවැක් ජෙකොවික් පිටිය මැද දී සිය ප්‍රේක්ෂකයින් සමග අමෙරිකානු හිප්-පොප් සංගීත කණ්ඩායමක් වන Beastie Boys ගායකයින්ගේ ගීයක් වන 'Fight For Your Right' ගීය ගායනා කර සතුට සමරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Taylor Fritz යනු මීළඟ ටෙනිස් ක්‍රීඩක පරපුර නියෝජනය කිරීමට සිටින දැවැන්ත තරුණ ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනුණ ද, ඔහුට නොවැක්ගේ පීඩනකාරී ක්‍රීඩා විලාසය හමුවේ දුර්වල වීමටයි සිදු වූයේ.

ලෝක ශූර මාග්‍රට් කෝට්ගේ වාර්තාව සම කිරීමටත්, 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගැනීමටත් තමන් තවදුරටත් සුදුස්සෙකු බවට ජෙකොවික් මෙම තරග ජයත් සමග යළි යළිත් තහවුරු කිරීමට සමත් වූ බව ද විදෙස් ක්‍රීඩා විචාරකයින් පවසනවා.

ජෙකොවික් සිය ජයග්‍රහණය ගීතයක් මුමුණමින් සමරා, පවසා ඇත්තේ; මෙම තරගය ඉතාමත් වෙහෙසකර ජයක් බවත්, වරින්වර තම ප්‍රතිවාදියා මහන්සි වී ඔහුගේ කමීසය ද මාරු කරන අයුරු තමන් දුටු බවයි.

එබැවින් ජයග්‍රහණයන් තමන් කෙතරම් දක්ෂයෙකු වුව ද, ප්‍රතිවාදියා හමුවේ ලබා ගැනීම අසීරු බවත්, ඒ සඳහා කැපවීමෙන් යුතුව පුහුණුවීම් කළ යුතු බවත්, එය හොඳම තත්ත්වයන් රඳා පැවතිය යුතු බවත් ජෙකොවික් වැඩිදුරටත් ජයග්‍රහණයෙන් පසුව ප්‍රකාශ කර සිටිනවා.

ජෙකොවික්ගේ ප්‍රකාශයේ වැඩිදුරටත් ඇත්තේ මෙවැන්නක්;

“I am drenched in sweat. I saw Taylor change shirt a couple of times, it was very humid conditions...“Difficult to play, but that is why we train and try to get ourselves in the best conditions to deliver. Not easy but you have to fight, as the song says, you have to fight for your right to party...'' යනුවෙන්

මෙම ලෝක ටෙනිස් ශූරයා 2021 වසරෙන් පසුව අමෙරිකාවට පැමිණෙන්නේ පළමු වරටයි.

ඒ ඔහුට එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවෙන් ඇති වූ විවිධ ගැටලු මත බොහෝ ජාත්‍යන්තර තරග රැසක් අහිමි වීම හේතුවෙන්.