පාපන්දු ක්‍රීඩාවේ දේවත්වයෙන් සලකන 'පේලේගේ'' වාර්තාව බිඳ දැමූ නෙයිමාර්: බොලීවියාට එරෙහිව විශිෂ්ට ජයක්

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍ර - CNN

2026 වර්ෂයේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල පැවැත්වෙන අතර, එහි පැවති පළමු තරගයෙන් ම වාර්තාවක් තබන්නට බ්‍රසීලයේ නේමාර් ජූනියර් සමත් වුණා.

ඒ බ්‍රසීලයෙන් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ශූරයෙකු වන Pelé සතු ගෝල වාර්තාවක් බිඳ දමමින්.

මෙම තරගය බ්‍රසීලය ජය ගත්තේ ප්‍රතිවාදී බොලීවියා කණ්ඩායමට එරෙහිවයි.

පසුගිය සිකුරාදා පැවති මෙම තරගය බ්‍රසීලය ගෝල 5-1ක් ලෙස ජය ගත්තා.

එම ගෝල 5න් දෙකක ම අයිතිය හිමිවූයේ නෙයිමාර් හටයි.

ඒ අනුව බ්‍රසීලය වෙනුවෙන් වාර්තා කර ඇති ඉහළතම ගෝල සංඛ්‍යාව වාර්තා කළ පේලේගේ වාර්තාව අබිබවා යන්නට නෙයිමාර් සමත් වුණා.

පේලේ ජාත්‍යන්තර පාපන්දු තරග 92කකට එක්ව ගෝල 77ක් සිය රට වෙනුවෙන් ලබාගෙන තිබෙනවා.

නෙයිමාර් එය අබිබවා ගියේ ගෝල 79ක් තමන් ඉදිරියෙන් ලියාගනිමින්.

තවමත් 31 හැවිරිදි වියෙහි පසුවන නෙයිමාර් සුදුසුකම් ලැබීමේ මෙම තරගයේ පළමු භාගයේ දී දඬුවම් පහරක් මග හැරිය ද, 61 සහ 93 වැනි මිනිත්තුවේ දී හැඩකාර ගෝල ද්විත්වයක් වාර්තා කරගැනීමට සමත් වුණා.

රොයිටර් පුවත් සේවයට අනුව 125 වතාවක් බ්‍රසීලය නියෝජනය කර ඇති නෙයිමාර් තමන් ලබාගත් වාර්තාව ගැන පවසා ඇත්තේ; කිසිදිනෙක එවැනි වාර්තාවකට හිමිකම් කියන්නට හැකි වේ යැයි නොසිතූ බවයි.

එමෙන්ම නෙයිමාර් විශිෂ්ට පේලේ ගැන මෙසේ ද සඳහන් කළා.

“I want to say that I am not a better player than Pelé. I always wanted to make my own story, write my name in the history of Brazilian football and the national team. And today I did that..'' යනුවෙන්.

පේලේ බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන 03 ක් ජයග්‍රහණය කළ විශිෂ්ටයෙක් වන අතර, ඔහු පසුගිය වසරේ දෙසැම්බරයේ දී මියයන විට 82 හැවිරිදි වියෙහි පසුවුණා.

නෙයිමාර්දව පසුගිය දා වැඩිකතාබහකට ලක් වූයේ දිගු කාලයක් ලීග් ක්‍රීඩා කළ Paris Saint-German හැරදමා Saudi Pro League සමාජය වන Al-Hilal වෙත එක් වීමත් සමගයි.

ඔහු 2017 දී බාර්සිලෝවෙන් පැරිස් සමාජයට සම්බන්ධ වන විට ලොව මිල අධිකම පාපන්දු ක්‍රීඩකයා බවට ද පත්ව සිටියා.