නවසීලන්ත - එංගලන්ත දෙවැනි T20 අද: පළමු තරගයේ වැඩි වාසිය එංගලන්තයට

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය -www.espncricinfo.com

තරග 04කින් සමන්විත T20 තරගාවලියේ දෙවැනි තරගය අද එංගලන්තය සහ නවසීලන්තය අතර පැවත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු T20 ජය හිමි වූයේ එංගලන්ත කණ්ඩායමටයි.

එම තරගය එංගලන්තය කඩුලු 07කින් ජයගත්තා.

දෙරට අතර අද තරගය මැන්චෙස්ටර් නුවර දී පැවැත්වෙනු ඇති.

මේ වනවිට තරගාවලියේ වැඩිපුර වාසි හිමිකරගෙන ඇති එංගලන්තය නවසීලන්තයට වඩා තරග 1-0ක් ලෙසින් ඉදිරියෙන් සිටිනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 10.30ට ඇරඹීමට නියමිතයි.