මොයින් අලී ටෙස්ට් පිටියෙන් සමුගැනීම තවත් ප්‍රමාද කරයි: ජගත් ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින එංගලන්ත තුන් ක්‍රීඩක මොයින් අලී ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ තීරණය වෙනස් කරමින් යළි ටෙස්ට් පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.

MonaraMonara

ඡායාරූපය - Dnaindia.com

Colombo (Monara) June 07 ; මේ වන විට ජගත් ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින එංගලන්ත තුන් ක්‍රීඩක මොයින් අලී ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ තීරණය වෙනස් කරමින් යළි ටෙස්ට් පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමඟ ආරම්භ වීමට නියමිත තරග 5කින් සමන්විත අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා ඔහුව එංගලන්ත සංචිතයට නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

2021 වසරේ සැප්තැම්බර් මාසයේදී මොයින් අලී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් සහ ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම්ගේ ඉල්ලීමක් පරිදියි මොයින් අලී මෙලෙස නැවතත් ටෙස්ට් පිටියට පැමිණීමට තීරණය කර ඇත්තේ.

මොයින් අලී අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇත්තේ ජැක් ලීච් වෙනුවටයි.

පසුගියදා ඔහුගේ පිට කොන්දේ ඇති වූ ආබාධයක් නිසා අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වුණා.