පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් පැළඳි මෙසීගේ ජර්සි 06ක් වෙන්දේසියේ: මුළු වටිනාකම කෝටි 329ක්
පාපන්දු ලෝක කුසලානය දිනාගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලියෝනාල් මෙසී එම තරගාවලියේදී පැළඳ සිටි ජර්සි 06ක් වෙන්දේසි කිරීමට සූදානම් වනවා.
ඒ අතරට අවසන් මහා තරගයේදී (ප්රංශයට එරෙහිව ඓතිහාසික අවසන් මහා තරගය) මෙසී හැඳ සිටි ජර්සියද වන අතර, එම ජර්සි 06න් අමෙරිකානු ඩොලර් කෝටියක් (රුපියල් කෝටි 329කට) උපයා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.
මෙයට පෙර 2022 වසරේ පැවති වෙන්දේසියකදී සුපිරි පාපන්දු තරුවක් වූ ඩියාගෝ මැරඩෝනාගේ ජර්සිය රුපියල් කෝටි 293කට අලෙවි වී තිබුණා. එය ලොව ඕනෑම පාපන්දු ක්රීඩකයෙකුගේ අලෙවි වූ මිල අධිකම ජර්සිය ලෙස වාර්තා අතරට එක්වනවා.
ලියෝනාල් මෙසීගේ ජර්සිය නිව්යෝර්ක් හි ‘සොත්බයිස්’ නම් වූ විකුණුම් ආයතනයක් විසින් වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති අතර, ඩියාගෝ මැරඩෝනාගේ ජර්සිය ද මේ ආයතනය මඟින් වෙන්දේසි කිරීම සුවිශේෂිය.