Manchester City ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ ඉහළට ම: ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් අඛණ්ඩ ව තුන්වරක් ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර මැන්චෙස්ටර් යුනයිටඩ් එය 1998-01 සහ 2006-09 කාලයේ දී තමන් සතු කරගත්තා.

MonaraMonara

Manchester City Team ඡායාරූපය - Getty Image

'මැන්චෙස්ටර් සිටි' (21) පාපන්දු කණ්ඩායම මෙවර 2022-23 ප්‍රීමියර් ලීග් ශූරතාව දිනාගෙන තිබෙනවා.

ඊයේ (20) පැවැත්වුණු මෙම තරගාවලියේ අවසාන මහා තරගයේ මැන්චෙස්ටර් කණ්ඩායම ශූරතාව දිනා ගනු ලැබුවේ තුන්වැනි වතාවටයි.

මෙම ජයග්‍රහණයත් සමග මෙය මැන්චෙස්ටර් පිළෙහි පස්වන ලීග් ශූරතා ලැයිස්තුවට අයත් වන අතර, එය ඔවුන්ගේ ශූරතා 09න් එකක් බවට ද පත්වනවා.

ඉන් හතක්ම දිනාගෙන ඇත්තේ පසුගිය වසර 12 තුළ දී වීම විශේෂත්වයක්.

එමෙන්ම මැන්චෙස්ටර් පිළෙහි කළමනාකරු Pep Guardiola පාපන්දු කණ්ඩායම් ඉතිහාසයේ වැඩිම ශූරතා ගණනක් දිනාගෙන ඇති පාපන්දු ඉතිහාසයේ ඉහළින් ම වැජඹෙන කළමනාකරු බවට ද පත්ව තිබෙනවා.

ඔහුගේ මගපෙන්වීම යටතේ ස්පාඤ්ඤය, ජර්මනිය සහ එංගලන්තය පාපන්දු ශූරතා දිනාගෙන තිබීම සුවිශේෂීයි.

මැන්චෙස්ටර් සිටි කණ්ඩායම FA කුසලානයේ සහ චැම්පියන්ස් ලීගයේ අවසන් මහා තරගයට ද පැමිණ තිබෙනවා.

ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් අඛණ්ඩ ව තුන්වරක් ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර මැන්චෙස්ටර් යුනයිටඩ් එය 1998-01 සහ 2006-09 කාලයේ දී තමන් සතු කරගත්තා.

මෙවර තරගයේ අවසාන මහා තරගය පැවැත්වුණේ Etihad ක්‍රීඩාංගනයේදීයි Chelseaට එරෙහිවයි.

පාපන්දු ‍ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ ශූරතා දිනාගෙන ඇති ලැයිස්තුව වන්නේ, පහත පරිද්දෙනුයි.

1992-93: Manchester United

1993-94: Manchester United

1994-95: Blackburn Rovers

1995-96: Manchester United

1996-97: Manchester United

1997-98: Arsenal

1998-99: Manchester United

1999-00: Manchester United

2000-01: Manchester United

2001-02: Arsenal

2002-03: Manchester United

2003-04: Arsenal

2004-05: Chelsea

2005-06: Chelsea

2006-07: Manchester United

2007-08: Manchester United

2008-09: Manchester United

2009-10: Chelsea

2010-11: Manchester United

2011-12: Manchester City

2012-13: Manchester United

2013-14: Manchester City

2014-15: Chelsea

2015-16: Leicester City

2016-17: Chelsea

2017-18: Manchester City

2018-19: Manchester City

2019-20: Liverpool

2020-21: Manchester City

2021-22: Manchester City

2022-23: Manchester City