වෙළඳ සේවා ක්‍රිකට් මුල් පුටුව මහේෂ් ද අල්විස්ට: ප්‍රධාන ලේකම් ධුරය රොහාන් සෝමවංශට

MonaraMonara

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ 29 වැනි ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස මහේෂ් ද අල්විස් මහතා තෝරා පත් කරගෙන තිබෙනවා.

ඔහු සමස්ත 43 වැනි සභාපතිවරයාද වනවා.

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ 106 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී ඒකමතිකව ඔහු තෝරා පත්කරගෙන තිබුණා.

මීට අමතරව 29 වැනි ශ්‍රී ලංකා නව ප්‍රධාන ලේකම්වරයා ලෙස ඩීඑස්අයි සමූහයේ රොහාන් සෝමවංශ මහතා වැඩ භාර ගත්තා.

නව විධායක කමිටුවට නවක මුහුණු 02ක් පැමිණ ඇති අතර, සසිත් බඹරදෙණිය සහ සංජය අත්තනායක ඒ අතර වනවා.

නව නිලධාරී මඩුල්ල

අනුශාසක - හේමක අමරසූරිය

උපඅනුශාසක (03) - CTA ෂාෆ්ටර්, උපාලි ධර්මදාස සහ ක්‍රිශාන්ත ඔබේසේකර

භාරකරුවන් (03) : K. මතිවානන්, මහේෂ් විජේවර්ධන සහ ටිරෝන් ද සිල්වා

2023/24 කාලසීමාව සඳහා ඒකමතිකව තේරී පත් වූ සියලුම නිලතල දරන්නන්ගේ සම්පූර්ණ ලැයිස්තුව

සභාපති - මහේෂ් ද අල්විස්

ජ්‍යෙෂ්ඨ උපසභාපති - තුෂාන් අමරසූරිය

උපසභාපතිවරුන් (02) සිරෝෂ ගුණතිලක සහ තරින්ද්‍ර කළුපෙරුම

ප්‍රධාන ලේකම් - රොහාන් සෝමවංශ

සහකාර ලේකම් - අජිත් සියඹලාපිටිය

භාණ්ඩාගාරික - අචින්ත හේවානායක

සහකාර භාණ්ඩාගාරික - හසිත දසනායක

ස්ථිර නියෝජිතයන් (06) - ලක්මාල් ද සිල්වා, දුමින්ද පින්ටෝ, සජිත් අතපත්තු, අනිල් හපුගොඩ, සංජය අත්තනායක සහ සසිත් බඹරදෙණිය