LPL ක්‍රිකට් වසන්තය: ජැෆ්නා කින්ග්ස් වෙත නවකයින් දෙදෙනෙකුත්

MonaraMonara

ඡායාරූපය සහ මූලාශ්‍රය -Monara.Com

එළඹෙන LPL කුසලානය සඳහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට නවකයින් දෙපළක් කැඳවා තිබෙනවා.

ඒ ප්‍රියමාල් පෙරේරා සහ රවීන් ද සිල්වා යි.

ප්‍රියමාල් යනු දක්ෂ දකුණත් පිතිකරුවෙකු වන අතර, ඔහු 2019 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරග දෙකක දී ශ්‍රී ලංකාව නියෝජනය කළා.

ඔහු පළමු පෙළ ලකුණු 3705ක් ලබාගෙන ඇත්තේ පිතිකරණයේ සාමාන්‍ය අගය 42.58ක් බවට පත් කරගනිමින්.

20 හැවිරිදි රවීන් ද සිල්වා කොළඹ නාලන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර, ඔහු 19න් පහළ හිටපු නායකයායි.

දක්ෂ පා දඟ පන්දු යවන්නෙකු සහ පිතිකරණෙයෙන් ද ඉදිරියෙන් සිටින නවක ක්‍රීඩකයෙක් බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.