LPL ප්‍රසාද ලකුණු සටහන: මුල් තැන ජැෆ්නාවරුන්ට - පල්ලෙකැලේ දී අදත් තරගයක්

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

LPL ක්‍රිකට් තරගාවලියේ මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ JAFFNA KINGS කණ්ඩායමයි.

ඔවුන් තරග 03කට මුහුණදී ඉන් දෙකක ජය හිමිකරගෙන සිටිනවා.

එම ජයග්‍රහණ සමග ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට ලකුණු 04ක් ප්‍රසාද ලකුණු සටහනේ හිමිව තිබෙනවා.

දෙවැනි තැන හිමිව ඇත්තේ GALLE TITANS කණ්ඩායමටයි.

ඔවුන්ට ද ප්‍රසාද ලකුණු 04ක් හිමිව ඇත්තේ ක්‍රීඩා කළ තරග 03න් 02කක ජය ඔවුන් සතු වීම නිසාවෙන්.

තෙවැනි තැන DAMBULLA AURA ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් ඔවුන් නමින් සටහන් වෙමින්.

ඊයේ පැවති තරගයේ දී ද අවුරා පිල පරාජයට පත් වූ අතර, ජයග්‍රහණය හිමිවූයේ සිය තරගාවලියේ මංගල ජය වාර්තා කරගත් B-Love Kandy කණ්ඩායමයි.

මීට අමතරව අද දිනයේ දී ද තරගාවලියේ 08 වැනි තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදියි.

ඒ දඹුල්ල අවුරාට එරෙහිව Colombo Strikers කණ්ඩායම අතරයි.