ලකාගේ බිරිඳ සීඅයිඩී යයි (වීඩියෝ): ඒ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වීම හේතුවෙන්.

MonaraMonara

'ලකයි සිකයි' නැමති යූ ටියුබ් නාලිකාවක් හරහා ප්‍රහසනාත්මක වීඩියෝ ඉදිරිපත් රන ලක්මාල් විරසිරි නැමැත්තාගේ බිරිඳ විසින් අද (30) අපරාධ විමර්ෂණ කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වීම හේතුවෙන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්මාල් වීරසිරිගේ බිරිඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මේ වන විට ආන්දෝලනාත්මක සිද්ධියකට තුඩු දී තිබෙන "මොඩාභිමානය" නැමති ප්‍රහසන වැඩසටහන නැරඹීම සඳහා ඔවුන්ට ලැබුණු ආරාධනාවක් මත එහි ගිය බවත්, එම වැඩසටහන අතරවාරයේ දී ඔවුන් සිනාසෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් එය මුල් කරගනිමින් ඔවුන්ට එරෙහිව මරණ තර්ජන එල්ල වෙමින් පවතින බවයි.

එම මරණ තර්ජන හේතුවෙන් තම දරුවන්ගේ ජීවිත ද දැඩි අවධානමකට ලක් ව ඇති බවත් ඇය පැවසුවා.

MonaraMonara

ලක්මාල් විරසිරිගේ බිරිඳ අද අපරාද විමර්ෂණ කොට්ඨාශය වෙත