කුසල්ගෙන් අර්ධ ශතකයක් - දිම්මාත් 52කින් දායක වෙයි: දිමුත් ද සිය 7 වැනි අර්ධ ශතකය ලබාගත් අතර, ලකුණු 52ක් ලබා සිටියදී දැවී ගියේ Noor Ahmadගේ පන්දුවකට බිල්ලක් වෙමින්.

MonaraMonara

කුසල් මෙන්ඩිස් ඡායාරූපය - www.espncricinfo.com

Colombo(Monara) June 04 - සංචාරක ඇෆ්ගනිස්ථානය සමග මේ වනවිට (04) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ දී සිය 21 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

හම්බන්තොට - සූරියවැව ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය හිමි වූයේ නායක දසුන් ශානකට වන අතර පළමු පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ.

කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය ලබා ගැනීමට වැය කළ පන්දු ගණන 58ක්.

සිය ලකුණු 50ට මෙන්ඩාගේ ලකුණු පුවරුව ඉදිරියෙන් හතරේ පහර 04ක් ද ලියැවී තිබුණා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක සමගින් දිමුත් එක්ව පළමු කඩුල්ලට ලකුණු 2ක සබඳතාවක් ගොඩනැගුවා.

එම සබඳතාව බිඳ වැටුණේ පැතුම් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටියදී, Mohammad Nabiගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 43කට දැවී යාමෙන්.

දිමුත් ද සිය 7 වැනි අර්ධ ශතකය ලබාගත් අතර, ලකුණු 52ක් ලබා සිටියදී දැවී ගියේ Noor Ahmadගේ පන්දුවකට බිල්ලක් වෙමින්.

සදීර සමරවික්‍රම ද සිය අර්ධ ශතකය පෙනෙන මානයේ රැඳී සිටියදී අවාසනාවන්ත ලෙසින් දැවී ගියේ ලකුණු 44ල් ලබා සිටියදියි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 199ක් ලබා සිටින්නේ පන්දුවාර 37කුත් පන්දු 3ක් අවසානයේදියි.

පිටියෙහි රැඳී සිටින්නේ කුසල් මෙන්ඩිස් සමගින් අසලංකයි.