කොක්ගේ පිත්ත තරගාවලියේ හතරවැනි ශතකයටත් කතා කරයි: ඩුසේන්ගේ ශතකයෙන්, නවසීලන්තයට 358ක ඉලක්කයක්

MonaraMonara

Photo: Getty Images

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පූනේහි දී පැවැත්වෙන තරගයේ නවසීලන්තයේ ආරාධනය මත මුලින් ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පන්දුවාර පනහ අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 357ක් රැස් කර ගත්තා.

එහි දී මෙම තරගාවලිය තුළ සිය පිත්තෙන් වාර්තා කළ සිව් වැනි ශතකයත් සමගින් පන්දු 116ක් තුළ දී අගනා ලකුණු 114ක් රැස් කරගන්නට ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩී කොක් සමත් වුණා.

එහි දී ඔහු පිටිය සිසාරා වර්ණවත් හතරේ පහර 10ක් එල්ල කළ අතර, දැවැන්ත හයේ පහර 3ක් ද එල්ල කරනු ලැබුවා.

Photo: Getty ImagesPhoto: Getty Images

Photo: Getty Images

දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස එහි නායක ටෙම්බා බවුමා පළමු කඩුල්ල ලෙස දැවී ගියේ, ඔවුන්ගේ ලකුණු පුවරුව 38ක් ලෙස දැක්වෙන අවස්ථාවේ දී යි.

අනතුරුව පිටියට පැමිණි රසී වැන් ඩුසේන්, ක්වින්ටන් ඩී කොක් සමග එක්ව දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 200ක සබඳතාවක් ගොඩ නැගුවා.

එහි දී රසී වැන් ඩුසේන් ද තරගාවලියේ තමා වාර්තා කළ දෙවැනි ශතකයත් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව ඔහු පන්දු 118ක දී අගනා ලකුණු 133ක් රැස් කර ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් ද සමගින්.

Photos: Associated PressPhotos: Associated Press

Photos: Associated Press

ක්වින්ටන් ඩී කොක් දැවීයාමෙන් අනතුරුව, පිතිකරණයේ උසස්වීමක් ලබා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර් ද වේගවත් ලකුණු 53ක් වාර්තා කළේ පන්දු 29කින්.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේ දී ටිම් සවුදි කඩුලු දෙකක් දවා ගත් අතර සහ ට්‍රෙන්ට් බෝල්ට් එක් කඩුල්ලක් ලබා ගත්තා.