ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු වාර්තාව ජස්ප්‍රිට් බුම්රාට: වැඩිම කඩුලු අතර පළමු ස්ථාන 05 තුළ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නැහැ

MonaraMonara

මේවනවිට ඉන්දියාවේ ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 13ක් අවසානයේ වැඩිම කඩුලු වාර්තාව හිමි කරගෙන ඇත්තේ ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රාය.

ඔහු තරග 03කදී කඩුලු 08ක් දවාගෙන ඇති අතර, දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ නවසීලන්තයේ මිචෙල් සැන්ටර්ය.

සන්ටර් තරග 03කදී කඩුලු 08ක් දවාගෙන තිබෙනවා.

නවසීලන්ත වේගපන්දු ක්‍රීඩක මැට් හෙන්රි තරග 03කදී කඩුලු 08ක් දවාගෙන 03 වැනි ස්ථානයටත් පාකිස්ථානයේ හසන් අලි තරග 03කදී කඩුලු 07ක් දවාගෙන සිව්වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලයිස්තුවේ පළමු ස්ථාන 05 තුළ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොවීම සුවිශේෂිය.

MonaraMonara