ටෙස්ට් ලෝක කුසලාන පහස සොයා ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව තරග බිමට: ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

MonaraMonara

ඡායාරූපය - espncricinfo.com

Colombo (Monara) June 07 - ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය පැට් කමින්ස්ට හිමිව තිබෙනවා.

ඊට අමතරව ඩේවිඩ් වෝනර්, උස්මාන් කවාජා, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක් ඔස්ට්‍රේලියාව නියෝජනය කරනවා.

ෂුබ්මන් ගිල්, විරාට් කෝලි, අජින්ක්‍යා රහනේ, රවීන්ද්‍ර ජඩේජා, මොහොමඩ් ෂමි ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්ව සිටිනවා.

මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 13 ක් ලබා සිටිනවා.

මොහොමඩ් සිරාජ්ගේ පන්දුවකට ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා ලකුණු නොලබාම දැවී ගොස් තිබුණා.

ඡායාරූපය - espncricinfo.comඡායාරූපය - espncricinfo.com

ඡායාරූපය - espncricinfo.com