දෝනි සමුගැනීම ගැන කියයි: තවත් එක් තරග වාරයක් සඳහා තමන්ට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනු ඇත්නම් එය තමාට ත්‍යාගයක් වනු ඇති බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ප්‍රකාශ කළා.

MonaraMonara

ඡායාරූපය - espncricinfo.com

තවත් එක් තරග වාරයක් සඳහා තමන්ට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනු ඇත්නම් එය තමාට ත්‍යාගයක් වනු ඇති බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ප්‍රකාශ කළා.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ගුජරාට් කණ්ඩායම පරාජයට පත්කරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී ඔහුගේ විශ්‍රාම යෑම සම්බන්ධයෙන් පවතින අදහස පිළිබඳ නැගුණු පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

තවත් අයි.පී.එල්. තරගාවලියක් ක්‍රීඩා කිරීම තමන්ගේ ශරීර යෝග්‍යතාවය මත තීරණය වනු ඇති බවයි දෝනි එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මෙවර තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තමා පිටිය වටා යද්දී ප්‍රේක්ෂකයින් තමාගේ නම කෑ ගසන අයුරු දැක ඇස් දෙක තෙත් වූ බවයි දෝනි පැවසුවේ.

ඡායාරූපය - Chennai Super Kings Facebook Pageඡායාරූපය - Chennai Super Kings Facebook Page

අවසන් මහා තරගයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් දෝනි තමාගේ සමුගැනීම පිළිබඳ නැගුණු පැනයට ලබාදුන් ප්‍රතිචාරය. ඡායාරූපය - Chennai Super Kings Facebook Page