Broadගේ පන්දුවට 16 වතාවක් බිල්ලක් වූ David Warner: ඒ ඔස්ට්‍රේලියාවේ පළමු කඩුල්ල මීට ටික වේලාවකට පෙර බිඳ වැටීමයි.

MonaraMonara

Stuart Broad claimed the wicket of David Warner for the 16th time in Tests ඡායාරූපය සහ මූලාශ්‍රය - www.espncricinfo.com

මේ වනවිට එංගලන්තයේ ලීඩ්ස් හි දී පැවැත්වෙන තුන්වැනි අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී සුවිශේෂී සිදුවීමක් සිදු වුණා.

ඒ ඔස්ට්‍රේලියාවේ පළමු කඩුල්ල මීට ටික වේලාවකට පෙර බිඳ වැටීමයි.

පළමු කඩුල්ලක් තරගයක් අතරතුර බිඳ වැටීම අතිශය සාමාන්‍ය කරුණක් වුවත්, මෙම කඩුල්ල වැදගත් වන්නේ එම කඩුල්ල දවාගත් තැනැත්තා සහ එම දවාගැනීමට හසු වූ පිතිකරු සම්බන්ධයෙන් කතාබහ කිරීමේදියි.

තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක එංගලන්ත කණ්ඩායමේ නායක ස්ටොක්ස් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ ඇරයුම සංචාරකයින් වෙත පිරිනැමීමටයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරුවන් ලෙස සිය පළමු ඉනිම ගොඩනැගීමට පැමිණි David Warner සහ Usman Khawaja ට සාර්ථක ලකුණු සංඛ්‍යාවක් අතරට යාමට පෙර වෝර්නර්ව ලකුණු 04ක් ලබා සිටියදී යළිත් ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයෙකු බවට පත් කරගන්නට එංගලන්තයේ වේග පන්දු යවන්නෙකු වන Stuart Broad සමත් වුණා.

මෙලෙස බ්‍රෝඩ්ගේ පන්දුවක් හමුවේ වෝර්නර්ගේ දැවීයාම අතිශය වැදගත් වී ඇත්තේ, ඔහු වැඩිම වාර ගණනක් ටෙස්ට් පිටියේදී බ්‍රෝඩ්ගේ පන්දු හමුවේ දැවී යාමයි.

Stuart Broadගේ පන්දුවට වෝර්නර් 16 වතාවක් බිල්ලක් වී ඇති බවත් වාර්තා වනවා.