ඩිල්ෂාන්ට ජීවිත කාලෙටම හරියන්න ඕස්ට්‍රේලියාවෙන් ලැබුනු දේ: ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගොඩගන්නැයි එරට මන්ත්‍රීවරයෙක්ගෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිව තිබෙනවා.
එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන Jason Wood සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එම සටහනින් පාර්ලිමේන්තු මන්ත්‍රී Jason Wood පෙන්වාදෙන්නේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවය මේ හේතුවෙන් තවත් සුවිශේෂී වූ බවයි.
එසේම ඉදිරියේදී ඩිල්ශාන් විසින් එරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී මෙහෙයක් සිදුකරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඒ මහතා තැබූ සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර එහිදී මන්ත්‍රීවරයා විසින් ඩිල්ෂාන්ගේ දියණිය වන රෙසඳි ගැන ද සඳහන් කර ඇති අතර ඇයගේ ක්‍රිකට් අනාගතයටද සුබපැතුම් එක්කර තිබෙනවා.
එක්දින ඉතිහාසයේ ලකුණු හඹා යාමේ දක්ෂතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස ඩිල්ෂාන් සැලකේ. 2011 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු 500ක් ලබාගෙන අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව ශතකයක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා වීමේ වාර්තාවටද හිමිකම් කියයි.
මීට අමතරව, ඔහු 2014 ICC ලෝක විස්සයි20 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් ද වනවා.