ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගත් තීරණය: ලිපියකුත් ලියයි
තරග පරාජය වීම සම්බන්ධයෙන් සිය කමිටුවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා.
ඔවුන් මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත යොමු කර ඇති ලිපියක් මගින්.
එම කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න විසිනුයි අදාළ ලිපිය යොමු කර ඇත්තේ.