ශ්‍රී ලංකාව නොමැතිව SAFF යන රටවල්: පසුගිය පෙබරවාරි මාසයේ සිට ජගත් පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබෙන තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සහභාගි වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 14 වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලිය (SAFF) සඳහා කණ්ඩායම් කාණ්ඩගත කිරීම පසුගියදා පැවැත්වුණා.
ඒ, ඉන්දියාවේ නව දිල්ලි නුවරදීයි.
තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් අටක් සහභාගී වන අතර වත්මන් ශූර ඉන්දියාව සහ පාකිස්තානය එකම කාණ්ඩයට ඇතුළත්.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් පාකිස්තානයට පනවා තිබු තහනම නිසාවෙන්, 2021 වර්ෂයේදී මාලදිවයිනේ දී පැවති SAFF තරගාවලිය සඳහා පාකිස්තානයට සහභාගී වීමට අවසර හිමිවුණේ නැහැ.
මේ වනවිට එම තහනම ඉවත් කර ඇති අතර, පාකිස්තානයට මෙවර තරගාවලිය සඳහා එක්වීමට අවස්ථාව හිමිවනවා.
කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි මාසයේ සිට ජගත් පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබෙන තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙවර තරගාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
එම හේතුව නිසාවෙන් මෙවර තරගාවලිය සඳහා බටහිර ආසියානු රටවල් වන කුවේට් සහ ලෙබනනයටද සංවිධායක කමිටුවෙන් ආරාධනා ලැබී තිබෙනවා.