Cameron Green අසනීපෙන්: ඒ පුහුණුවීම් අතරතුර ඔහුගේ මස්පිඬුවල ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

MonaraMonara

Cameron Green ඡායාරූපය සහ මූලාශ්‍රය - www.espncricinfo.com

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ මුල් පෙළ පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කරන Cameron Green හට තෙවැනි අළු බඳුන තරගාවලිය අහිමි ව තිබෙනවා.

ඒ පුහුණුවීම් අතරතුර ඔහුගේ මස්පිඬුවල ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ග්‍රීන් ඉක්මනින් පූර්ණ සුවයට පැමිණෙනු ඇති බවත්, ඉදිරි තරග සඳහා ඔහුව කණ්ඩායම අපේක්ෂා කරන බවයි.

අද තරගය මෙන් ම හෙඩිංලි හි පැවැත්වීමට නියමිත සිව්වැනි ටෙස්ට් තරගය ද ඔහුට මග හැරෙනු ඇති.

පෙරේදා දිනයේ දී දිගු වේලාවක් පිතිකරණයේ නියැලෙමින් පුහුණුවීම්වල නිරත වූ ග්‍රීන් ඇති වූ ආබාධය හේතුවෙන් අවසන් පුහුණු සැසියට එක් නොවුණු බවත් වාර්තා වනවා.