බංගලි කතුන් අවසන් T20 දී ඉන්දියාව පරදයි: ඒ සිය ප්‍රතිවාදීන් වූ ඉන්දියානු කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්.

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය - https://youtu.be/Pjy68nz8PbI

අවසන් T20 තරගය කඩුලු 04කින් ජය ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ සිය ප්‍රතිවාදීන් වූ ඉන්දියානු කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ඉන්දියාව ලකුණු 102ක් ලබා ගත්තා.

එහිදී නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ Harmanpreet Kaur ලකුණු 40ක් ලබා ගත්තා.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම වෙනුවෙන් Rabeya Khan කඩුලු 03ක් දවා ගත්තා.

Shamima Sultana ලකුණු 42ක් සමගින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වූයේ බංග්ලාදේශ කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් පන්දුවාර 18ක් තුළ ලකුණු 103ක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව බංග්ලාදේශය පරදා පන්දුවාර 20-20 තරගාවලියේ තරග 2-1ක් ලෙස ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.