ආසියානු ක්‍රීඩා උලෙළහි කාන්තා ක්‍රිකට් අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය ඇරඹෙයි: කාසියේ වාසිය ශ්‍රී ලංකා කතුන්ට

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

ආසියානු ක්‍රීඩා උලෙළ යටතේ පැවැත්වෙන කාන්තා ක්‍රිකට් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ සංචාරක පකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර යි.

දෙරට අතර මෙම තීරණාත්මක තරගය මීට ටික වේලාවකට පෙර ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තීරණය කළේ පළමු ව ලකුණු රැස්කිරීමේ වගකීම ප්‍රතිවාදීන්ට පිරිනැමීමටයි.

ඒ ඇරයුමෙන් මේ වනවිට පිතිකරණය අරඹා ඇති පකිස්තාන කාන්තා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 05ක් ලබා සිටිනවා.

මේ ක්‍රියාත්මක වන්නේ දෙවැනි පන්දුවාරයයි.

තරගය චීනයේ Hangzhou ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මීට පෙර ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ පළමු තරගයේ දී තායිලන්තය පරාජයට පත් කළා.

අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම මෙවර ආසියානු ක්‍රීඩා උලෙළහි කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇති.