පාකිස්තානය පරදවමින් ඇෆ්ගනිස්ථානයට තවත් පෙරළිකාර ජයක්: ඇෆ්ගන් ඉනිමේ අර්ධ ශතක තුනක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 22 වන තරගයෙන් ප්‍රබල පාකිස්තාන කණ්ඩායම පරාජයට පත්කරමින් කඩුළු 08 ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.
චෙන්නායි නුවර පැවති තරගයේ පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 07 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 282 ක්.
අබ්දුල්ලා ෂෆීක් ලකුණු 58 ක් සහ නායක බාබර් අසාම් ලකුණු 74 ක් ලබා ගනිමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළ අතර, ඉනිම අවසානය වේගවත් කළ ෂදාබ් කාන් සහ ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 40 බැගින් ලබා ගත්තා.
පන්දු යැවීමේදී නූර් අහමඩ් ලකුණු 49 කට කඩුළු 03 ක් සහ නවීන් උල් හක් ලකුණු 52 කට කඩුළු 02 ක් දවා ගැනීමට සමත් වුණා.
ජයග්‍රාහී ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49 කදී කඩුළු 02 ක් දැවී තිබියදී ලකුණු 286 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.
එහිදී රහමනුල්ලා ගුර්බාස් ලකුණු 65 ක්, ඊබ්‍රාහිම් සඩ්රාන් ලකුණු 87 ක් සහ රහමත් ෂා ලකුණු 77 ක් ලබා ගත්තා.