බැලූන් ඩියෝ සම්මානය මෙසීට දෙන්න අල්ලස් දුන් බවට චෝදනා: නිල විමර්ශනයක් ඇරඹෙයි

MonaraMonara

2021 වසරේ Ballon dor සම්මානය ආජන්ටිනා නායක ලියෝනාල් මෙසීට ලබා දෙන ලෙස බලකරමින් අල්ලස් දුන් බවට PSG වත්මන් සභාපති අල් කෙලීෆිට චෝදනාවක් එල්ලවී තිබෙනවා.

ස්පාඤ්ඤ මාධ්‍ය ආයතනයක් වන Diario Asවලට අනුව 2021 වසරේ Ballon dor ජයග්‍රහකයා ලෙස Robert Lewandowski වෙනුවට Lionel Messiව පත් කරන ලෙස බල කරමින් PSG කන්ඩායම විසින් එවකට සිටි France Football සගරාවේ හිටපු ප්‍රධාන කර්තෘ සහ Ballon dor සම්මාන උලලේ Organizer වන Pascal Ferreට අල්ලස් දුන් බවට බරපතල චෝදනාවක් එල්ල කර තිබෙනවා.

ඒ වගේම PSG කන්ඩායම විසින් 2021 වසරේදී France Football සඟරාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටත් නොමිලේ Qutar Airways ගුවන් සවාරී (Business class), Princes Park stadium තුල තරග නැරබීම සඳහා නොමිලේ ප්‍රවේශපත්‍ර සහ මුදලින් යුරෝ 8986ක් ලෙස දීමනා විශාල වශයෙන් ලබා දුන් බවටත් චෝදනා එල්ල වෙලා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම චෝදනා සියල්ල Pascal Ferre විසින් ප්‍රතික්ෂේප කර ඇත.

MonaraMonara