Al-Nassr පළමු වරට පාපන්දු ලීග් කුසලානයක් දිනයි: වැඩි බර පැන දැරීම රොනාල්ඩෝගෙන්

MonaraMonara

Al-Nassr චැම්පි‍යන්ස් ලීග් කුසලානය දිනූ මොහොත ඡායාරූප සහ මූලාශ්‍රය -www.msn.com

Al-Nassr සෞදි පාපන්දු ක්‍රීඩා සමාජය පළමු වරට පාපන්දු ලීග් ශූරතාවක් ජයග්‍රහණය කළා.

ඒ ඊයේ දිනයේ දී පැවති සෞදි අරාබි ක්ලබ් චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමත් සමග යි.

අවසන් මහා තරගය වෙනුවෙන් අල් නසාර් කණ්ඩායමට එරෙහිව තරග වැදුණේ අල්- හිලාල් ක්‍රීඩා සමාජයයි.

එහිදී ඔවුන් අල් -නසාර් අබියස ගෝල 2-1ක් ලෙස පරාජයට පත් වුණා.

මෙම ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ ජයග්‍රහණය ගෙන දුන් අවසන් ගෝල ද්විත්වයම වාර්තා කිරීමට සමත් වූයේ පෘතුගාලයේ පාපන්දු කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යි.

රොනාල්ඩෝ මෙම තරගාවලියේ ද අල්-නසාර් හි නායකයා ලෙස කටයුතු කළා.

මීට පෙර රොනාල්ඩෝ ක්‍රීඩා කළේ මැන්චෙස්ටර් යුනයිටඩ් හි ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙසයි.

එහෙත් පසුගිය දෙසැම්බරයේ දී රොනාල්ඩෝ සෞදි අරාබි ක්‍රීඩා සමාජයක් සමග එක් වුණා.

ඡායාරූප සහ මූලාශ්‍රය -www.msn.comඡායාරූප සහ මූලාශ්‍රය -www.msn.com

ඡායාරූප සහ මූලාශ්‍රය -www.msn.com

ඡායාරූප සහ මූලාශ්‍රය -www.msn.comඡායාරූප සහ මූලාශ්‍රය -www.msn.com

ඡායාරූප සහ මූලාශ්‍රය -www.msn.com

රොනාල්ඩෝ මැන්චෙස්ටර් වෙත සමු දී අලුතින් එක් වූ සෞදි පාපන්දු සමාජයක් දිනූ පළමු කුසලානය ද මෙය වනවා.

මෙම විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව රොනාල්ඩෝ සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් පැවසුවේ මෙවන් අදහසක්. එය ඔහු සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබා තිබුණා.

''පළමු වතාවට සෞදි කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කළ ශූරතාව දිනා ගැනීම ඇත්තෙන් ම මට සතුටට කරුණක්.." ඒ රොනාල්ඩෝගේ සටහනයි.

එමෙන්ම එම ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වීම ගැන ද තමන් ආඩම්බර වන බවත්, හැමවෙලාවෙම තමන්ට හයියක් වෙමින් සහාය දුන් නසාර් ක්‍රීඩා සමාජයේ සියලුදෙනාටත්, පවුලේ සාමාජිකයින්ට සේම සිය ප්‍රේක්ෂකයින්ට හදවතින් ගෞරවය සහ ස්තුතිය පිරිනමනය බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

ඇත්තම කිවහොත් මෙම ජයග්‍රහණයේ වැඩිම අයිතියක් ඇත්තේ ද සිය රසිකයින්ට බවයි රොනාල්ඩෝ කියා ඇත්තේ.