අෆ්රිඩිලා, ඉම්රාන්ලත් කලකට ඉහතදී ඇෆ්ගනිස්තානුවන්: පාරම්පරික ඇෆ්ගන් වැසියන්, පාකිස්තානයට කොටු කළ ඓතිහාසික වෙන්කිරීම

MonaraMonara

ලෝකය හෙල්ලූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් වන ඉම්රාන් ඛාන්, ෂහීඩ් අෆ්රිඩි වැනි නම් දැරූ තරු රැසක්ම ඇෆ්ගනිස්තානයට උරුමකම් කියන පරම්පරාවකින් පැවත එන්නන් බව සමහර විට බොහෝ දෙනෙකු නොදන්නවා විය හැක.

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය රාජතාන්ත්‍රිකව තරමක් විරසකව සිටියත්, අදටත් පාකිස්තානයේ ප්‍රභූ ස්ථානවල වැජබෙන බොහෝ දෙනෙකුට ඇෆ්ගනිස්තානයේ පාරම්පරික උරුමය තියෙනවා.

MonaraMonara

ඒ අතරින් මෙම ඇෆ්ගනිස්තානු සම්භවය ඇති බොහෝ දෙනෙකු පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ අදටත් ක්‍රීඩා කරයි.

මෙලෙස ඇෆ්ගන් සම්භවයක් ඇති මිනිසුන් පාකිස්තානයට පැමිණි අතීතය වසර 130කට වැඩියි.

19 වැනි සියවසේ අගභාගයේදී බ්‍රිතාන්‍යයන් විසින් දකුණු ආසියාව පාලනය කළ අවදියේ ඇෆ්ගනිස්තානය වෙනම ස්වාධීන රාජ්‍යක් පැවතී ඇත.

එවකට පාකිස්තානයක් බිහි වී නොතිබුණු අතර, වත්මන් පාකිස්තානු භූමිය ඉන්දියාවේ කොටසක් ලෙසින් පැවතුණි.

MonaraMonara

කෙසේ වෙතත් එවක ඉන්දියාව නැතිනම් මහා භාරතය හා ඇෆ්ගනිස්තානය වෙන්කරන නිශ්චිත මායිමක් නොතිබුණි.

අසෝක අධිරාජ්‍යයා ඇෆ්ගනිස්තානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කර තිබෙන්නේද, එවක මහා භාරතය ඇෆ්ගනිස්තානය දක්වාම ව්‍යප්තව තිබූ බවට සාක්ෂි දක්වමින්.

MonaraMonara

මේ හේතුවෙන් 19වැනි සියවසේදී ඉන්දීය හා ඇෆ්ගන් දේශසීමාවන්ට යම් යම් අරගල තිබී ඇත.

MonaraMonara

ඊට විසඳුමක් ලෙසින් 1893 නොවැම්බර් 12වැනිදා බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකයෙකු වූ මෝර්ටිමර් ඩුරන්ඩ් විසින් ඉන්දියාවත් ඇෆ්ගනිස්තානයත් නිශ්චිත මායිමකින් වෙන්කර තිබෙනවා.

ඊට ඩූරන්ඩ් මුල් වූ නිසා මෙම මායිම එදා සිට මේ දක්වා ඩුරන්ඩ් මායිම ලෙසින් නම්කර තිබෙනවා.

ඒ අනුව 1947 වසරේදී ඉන්දියාවෙන් ඉවත්කර පාකිස්තානය වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස බිහිවීමෙන් පසුවද, මෙම ඩූරන්ඩ් මායිම පාකිස්තානු - ඇෆ්ගනිස්තාන දේශසීමා මායිම ලෙස පිළිගෙන ඇත.

කෙසේ වෙතත් අතීතයේදී මෙම ඩූරන්ඩ් මායිම වෙන්කිරීමට පෙර මෙම ප්‍රදේශයේ ඇෆ්ගනිස්තානයේ ප්‍රබල ගෝත්‍රයක් වන පතාන් නැතිනම් පෂ්තුන් ගෝත්‍ර ජීවත්ව තිබෙනවා.

මෙම බෙදීමෙන් පසු ඉන් සමහරකට ඇෆ්ගනිස්තානය අතහැර පාකිස්තානයේ ජීවත්වීමට සිදුව ඇත.

MonaraMonara

අදටත් ඇෆ්ගනිස්තානයේ අති බහුතර මිනිසුන් පතාන් ගෝත්‍රය නියෝජනය කරන්නන් වන අතර, එරට ජනගහණයෙන් සියයට 60කට වැඩි පිරිසක් සිටියි.

පාකිස්තානු ජනග්‍රහණයෙන්ද සියයට 20කට ආසන්න සංඛ්‍යාවක් පතාන්වරු වෙයි.

MonaraMonara

මෙම පතාන්වරු සාමාන්‍ය ඇෆ්ගන් වැසියන් හෝ සාමාන්‍ය පාකිස්තානුවන්ට වඩා තරමක් දේහධාරීන් වන අතර, ඔවුන්ගේ රූප ස්වභාවද ආකර්ෂණීය වෙනවා.

MonaraMonara

පතාන්වරුන්ගෙන් පැවත එන ක්‍රීඩකයන් පාකිස්තානු කණ්ඩායමට මෙන්ම ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ද ක්‍රීඩාකර ඇත.

තව බොහෝ දෙනෙකු අදටත් මෙම රටවල් දෙකේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

ඉම්රාන් ඛාන්, ෂහිඩ් අෆ්රිඩි, ශහීන් ෂා අෆ්රිඩි, මොහොමඩ් රිස්වාන්, ජූනයිඩ් ඛාන්, යුනිස් ඛාන්, උමාර් ගුල්, ෆකර් සමාන්, මිස්බා උල් හක් යනු මෙම පතාන් ගෝත්‍රයෙන් පැවත එන පාකිස්තානය නියෝජනය කළ ක්‍රීඩකයන්ය.

MonaraMonara

ඉන් අෆ්රිඩිලා, යුනිස් ඛාන් උපත ලබා ඇත්තේ ද ඇෆ්ගනිස්තාන මායිමේ ම පිහිටා ඇති පාකිස්තානු භූමියේ ය.

එමෙන්ම ෂහීන් ෂා අෆ්රිඩි විවාහ වී සිටින්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩිගේ දියණියක් සමග වන අතර, එම විවාහයට අෆ්රිඩි සිය දියණියට කැමැත්ත ලබාදී ඇත්තේද ෂහීන් පතාන් සම්බවයක් ඇති අයෙකු නිසා බව සඳහන්.

MonaraMonara

කෙසේ නමුත් ඇතැම් පාකිස්තානු ජනයා විශේෂයෙන් පාකිස්තානු ක්‍රීඩාලෝලීන් පතාන් නැතිනම් පෂ්තුන් සම්බවයක් ඇති ක්‍රීඩකයන් පාකිස්තානු කණ්ඩායම නියෝජනය කිරීම ගැන එතරම් පැහැදීමක් නැත.

MonaraMonara

ඔවුන් පවසනේ පතාන්වරු පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ආක්‍රමණය කරන බවයි.

ඇතැමුන් පවසන්නේ ඔවුන්ට දක්ෂතාව තිබෙනවානම්, ක්‍රීඩාකරන්නේ පාකිස්තානය වෙනුවෙන් නම්, අදහන්නේ ඉස්ලාම් දහමනම් ඉන් එහා දෙයක් තවත් අවශ්‍ය නොමැති බවයි.

MonaraMonara

මේ අතර ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් වන රෂීඩ් ඛාන්, අෂ්ගර් ඇෆ්ගන්, මොහොමඩ් නබි, ගුල්බීන් නයිබ්, නජිබුල්ලාහ් සද්‍රන් වැනි තවත් බොහෝ ක්‍රීඩකයන් මෙම පතාන් ගෝත්‍රයෙන් පැවත එන ක්‍රීඩකයන් වෙනවා.