පරාජයන් රැසක් මැද ඇෆ්ගනිස්ථානය පිටියට: සත්කාරක ඉන්දියාව තවත් ජයක් අපේක්ෂාවෙන්

MonaraMonara

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 09 වන තරගය අද දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතරයි.

අද පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතව ඇති අතර, ඇෆ්ගනිස්ථානය අවසන් වරට ඔවුන් තරග කළ එක්දින තරග 05 ම පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්.

ඩෙංගු වැළඳුණු ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් අද තරගයටද එක් නොවන ඇති.

අද තරගයට ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාසය පළ කෙරෙන ඉන්දීය කණ්ඩායම වන්නේ, Rohit Sharma (capt), Ishan Kishan, Virat Kohli, Shreyas Iyer/Suryakumar Yadav, KL Rahul (wk), Hardik Pandya, Ravindra Jadeja, R Ashwin, Kuldeep Yadav, Jasprit Bumrah, Mohammed Siraj.

ඇෆ්ගනිස්ථානය කණ්ඩායමේ අද සැකැස්ම වනු ඇත්තේ Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (capt), Mohammad Nabi, Najibullah Zadran, Azmatullah Omarzai, Rashid Khan, Naveen-ul-Haq, Mujeeb Ur Rahman, Fazalhaq Farooqi.