නබීගේ අර්ධ ශතකයෙන් එසවුණු ඇෆ්ගන් ලකුණු පුවරුව: Mohammad Nabi නොදැවී ලකුණු 54ක් ලබා ගත්තා.

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

තරග 03කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගයෙන් ප්‍රතිවාදී බංග්ලාදේශයට ලකුණු 158ක ඉලක්කයක් හිමිවුණා.

ඒ සංචාරක ඇෆ්ගන් කණ්ඩායමෙන්.

පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 157ක් ලබාගත් ඇෆ්ගන් කණ්ඩායමේ කඩුලු 07ක් බිඳ වැටුණා.

සිය ජාත්‍යන්තර පන්දුවාර 20-20 පිටියේ 05 වැනි අර්ධ ශතකය ලබාගත් Mohammad Nabi නොදැවී ලකුණු 54ක් ලබා ගත්තා.

ඒ පන්දු 40කට මුහුණදෙමින්.

වේගවත් පිතිහරඹයක නිරත වූ Azmatullah Omarzai පන්දු 18ක දී ලකුණු 33ක් රැස් කළා.

බංග්ලාදේශ පන්දු බලඇණිය වෙනුවෙන් Shakib Al Hasan කඩුලු 02ක් බිඳ දැමූ අතර, එක් කඩුල්ල බැගින් Nasum Ahmed, Taskin Ahmed,Shoriful Islam, Mustafizur Rahman සහ Mehidy Hasan Miraz අතරේ බෙදී ගියා.

ඒ අනුව පන්දු වාරයකට අවම ලකුණු 07ක වේගයක් පවත්වා ගැනීම මෙම තරගයේ ජයග්‍රහණයට සත්කාරක බංග්ලාදේශයට අවශ්‍ය වනවා.

තරගය පැවැත්වෙන්නේ Sylhet ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේයි.